සඳුට තරුටත් වඩා වැඩියෙන්
ආදරෙයි මට ආදරෙයි..
කියූ ඔබ ඇයි හිරුට පෙම් බැඳ
නොකියාම සැඟවී ගියේ?

සසර සරනා තුරු සිටීමට
එකට මැවුමුත් සිහින ඔබ මම
වසත් මල් පූදින්නටත් පෙර
පරවුණිද අප සිහින මල?

ලොවට හඬගෑමට අපේ පෙම
ගත් අසිරි බර විවා මඟුලේ
ණය තුරුස් මම අද ගෙවන්නේ
තබා අප පෙම උකසටද?